කුරා කූබියෙකුට වත් වරදක් නැති පුතාට විහිලු කරන එක නවත්තන්න.. සමිතා සංවේදිව හැමෝගෙන්ම ඉල්ලයි.. (PHOTOS)

Srilanka gossip samitha mudunkotuwa
By Sithumi Apr 09, 2022 04:30 PM GMT
Sithumi

Sithumi

Report
245 Shares

සමිතා මුදුන්කොටුව කියන්නේ අපේ රටේ සිටින ප්‍රවීනතම දක්ෂ ගායිකාවක් කියලා ඔබ අප හැම කෙනෙක්ම දන්නවා. ඇයගේ ගීත අහන්නේ නැති කෙනෙක් මිහිරි හඬට අකමැති කෙනෙක් අපේ රටේ නැති තරම්.

කොහොම වුනත් මෑතක ඉඳලා ඇයගේ සින්දු වලට වඩා කතාබහ කලේ සමිතාගේ පෞද්ගලික ජිවිතේ ගැන, තවත් විදියකට කිව්වොත් සමිතාගේ අලුත් සැමියා ගැන සහ දරුවන් දෙදෙනා ගැන. ඇයගේ දරුවෝ දෙන්නා තමයි කාවින්ද්‍යා සහ ෂේන් කියන්නේ. ඊටත් පස්සේ කතාවක් හැදුනා චිරන්තගෙන් සමිතාට තවත් බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා.

ඒක නම් සම්පුර්ණ බොරුවක් කියලා සමිතාම කියලා තිබුනා. සමාජයේ කතා හැදුනට ඒවාට උත්තර දෙන්න නොගියත් උත්තර නොදීම බැරි දේවල් වලට සමිතා සහ චිරන්ත උත්තර දෙනවා. ඒ වගේම කාවින්ද්‍යා කියන්නෙත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුල පුවත් මවන කෙනෙක් කියලා ඔයාලා දන්නවානේ. ඊට පස්සේ සමිතාට ඉන්න පුතා තමයි

ෂේන් කියන්නේ. එයානම් හරිම අහිංසක ළමයෙක්, කාටවත් වචනයක්වත් කියන කෙනෙක් නෙවෙයි. හැබැයි ශේන්ටත් සමහර කට්ටිය විවිධ කතා හදලා තිබුනා. ඒත් ෂේන් කියන්නේ කාටවත් කතාවක් හදන සෝෂල් මිඩියා වලවත් මඩ ගහන කෙනෙක් නෙවෙයි. පාඩුවේ සාමාන්‍ය විදියට ජිවත් වෙන කෙනෙක්. මේ දේවල් වලට කනගාටුව පලකරන සමිතා කියන්නේ මෙහෙම කතාවක්. මිනිස්සු ටික දෙනෙක් මට කතා හදන එක ගැන ගණන් ගන්නේ නැහැ. හැබැයි මගේ දරුවනටත් විවිද දේවල් කියනවා, මේක කොච්චර වැරදි දෙයක්ද. 

 සමහරු මගේ පුතාට දොස් කියලා තිබ්බා, හැබැයි අදටත් මට සතුටුයි මගේ පුතා ගැන. මට හොඳ දරුවෝ දෙන්නෙක් ඉන්නවා, හොඳ ආදරයක් ලැබුනා. මන් ගැන මගේ දරුවෝ ගැන සැමියා ගැන කාටවත් මුකුත් කියන්න අයිතියක් නැහැ. මොකද අපි ජිවත් වෙන්නේ අපේ උත්සාහයෙන් මිසක් ඔය කතා හදන මිනිස්සුන්ගෙන් නෙවෙයි. එයාලාගේ අම්මා තාත්තාකවුද කියලා පුතා දුව දන්නවා. ඒවා කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ, මගේ ආදරේට සහ දරුවන්ට බොරුවට කතා කියන්න එපා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery
ReeCha