ජනප්‍රිය අපිට ගොසිප් කියන දේ ගොඩක් වැදගත්, එහෙම හරි කට්ටිය අපි ගැන කතා කරන්නේ නැත්නම් අපි ෆේල්-සමිතා මුදුන්කොටුව (PHOTOS )

Gossip Today SL Actress Gossips
By Sithumi Mar 20, 2023 03:10 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඒ වගේම ඇය ගායනා කල අලුත්ම ගීතය තමයි ‘හැම රෑම මං එක්ක’ කියලා කියන්නේ. 

ඉතින් කාන්තා දිනය දවසෙම එළිදැක්වුණ මේ ගීතය ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් මේ ගීතයේ පදවැල් ලියවෙන්නේ ජනප්‍රිය සිංහල ගුරුවරයෙක් වන අකිල විමංග සෙනෙවිරත්නගේ අතිනුයි. ඒ වගේම සමිතා කාලයක ඉදන් ගොඩක් ආසාවෙන් හිටියාලු අකිලට කියලා පද රචනාවක් කර ගන්න. හැබැයි මේ ඇය කියලා කරපු නිර්මාණයක් නෙවෙයි කියලයි සමිතා කියන්නේ

. ඒ වගේම අකිල කියන්නේ පුදුම හොඳ දක්ෂ ගුරුවරයෙක් වගේම ඔහුගේ අදහස් හරි අමුතුයි කියලත් සමිතා කියනවා. ඉතින් ඒ වගේ කෙනෙක් අතින් ලියවුණු මේ පදමාලාවත් හරි අමුතුයි කියලයි ඇය කියන්නේ. ඒ නිසාම මේ ගීතයේ තියෙන්නේ ගොඩක් අය ආදරේ කරන පද ටිකක් කියලත් ඇය කියනවා. ඒ වගේම උදාර සමරවීර හරිම ලස්සනට මේ ගීතය සංගීතවත් කරලා තියෙනවා. ඉතින් ඔහු මිනිසුන්ගේ හදවතටම දැනෙන්න වගේම ඇයට ලස්සනට කියන්න පුළුවන් විදියට සංගීතවත් කරලා තියෙනවා කියලයි ඇය කියන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGallery