ලංකාවේ ටින් මාළු මිල ඉහළට? නිෂ්පාදකයන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්

Report

ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමය විසින් ටින් මාළු නිෂ්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් යොදාගන්නා ලින්නා මාළු මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්, දේශීය ටින් මාළු මිල ගණන් සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මීට පෙර රුපියල් 450ක්ව පැවති ලින්නා මාළු කිලෝවක මිල මේ වන විට රුපියල් 700 දක්වා ඉහළ ගොස් ඇති බව එම සංගමයේ ලේකම් ආචාර්ය කපිල බාලසූරිය මහතා සඳහන් කරයි.

රටේ මහජනතාවට අති විශේෂ නිවේදනයක් - නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාහන හිමියන්ට දැනුවත් කිරීමක්

රටේ මහජනතාවට අති විශේෂ නිවේදනයක් - නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාහන හිමියන්ට දැනුවත් කිරීමක්

ඔහු විසින් මෙම තත්ත්වය හමුවේ දේශීය නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් මිල සංශෝධනයක් අත්‍යවශ්‍ය බව පවසන අතර නිෂ්පාදකයන්ගේ සංගමය විසින් යෝජනා කර ඇති නව මිල ගණන් පහත දැක්වෙයි.

ග්‍රෑම් 155 සැමන් ටින් එකක මිල රුපියල් 220 සිට 260 දක්වා.

ග්‍රෑම් 425 සැමන් ටින් එකක මිල රුපියල් 510 සිට 600 දක්වා.

ජැක් මැකරල් ටින් එකක මිල රුපියල් 600 සිට 660 දක්වා.

මැකරල් ටින් එකක මිල රුපියල් 480 සිට 560 දක්වා.

ටූනා සැමන් ටින් එකක මිල රුපියල් 380 සිට 510 දක්වා.

අද ඉල්ලන අයට සති දෙකෙන් අංක තහඩු - රියදුරු බලපත්‍ර ගැනත් අවදානය - කහ කොළ අංක තහඩුවෙන් කෝකද හරි - ඇමති බිමල්ගෙන් පිළිතුරු

අද ඉල්ලන අයට සති දෙකෙන් අංක තහඩු - රියදුරු බලපත්‍ර ගැනත් අවදානය - කහ කොළ අංක තහඩුවෙන් කෝකද හරි - ඇමති බිමල්ගෙන් පිළිතුරු

ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ නිෂ්පාදකයන් විසින් ඉදිරිපත් කරන ලද මෙම මිල ඉහළ දැමීමේ ඉල්ලීමට පාරිභෝගික සේවා අධිකාරිය මෙතෙක් අනුමැතිය ලබා දී නොමැති බවයි.

මෙරට දෛනික ටින් මාළු පරිභෝජනය ටින් 250,000ත් 350,000ත් අතර ප්‍රමාණයක් වන අතර, දේශීය කර්මාන්තශාලා මගින් දිනකට ටින් 600,000ක් පමණ නිෂ්පාදනය කෙරේ. දේශීය අවශ්‍යතාවයට වඩා වැඩි නිෂ්පාදනයක් මෙරට තුළම සිදුවන බැවින් මේ වන විට සැමන් ආනයනය කිරීම ද නතර කර ඇති බව වාර්තා වේ.