ත්‍රස්ත විරෝධී පනතක් පැවතිය යුත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමට – නීතිඥ සාලිය පිරිස්

By Sithumi Apr 27, 2023 06:02 PM GMT
Sithumi

Sithumi

Report

ත්‍රස්ත විරෝධී පනතක් පැවතිය යුත්තේ ත්‍රස්තවාදය වළැක්වීමට බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නව ත්‍රස්ත විරෝධී පනත තුළද පෙර පැවති ත්‍රස්ත විරෝධී පනත මෙන්ම ගැටළු පවතින බවයි.

එමෙන්ම පනත්කෙටුම්පතෙහි ප්‍රතිපාදන හොඳද? නරකද? යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට තීරණය කළ නොහැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලයේ පරාසය සීමිත බවද ඔහු ප්‍රකාශ කර සිටිනවා. ඔහු ප්‍රකාශ කරන්නේ ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට විරුද්ධවිය යුතු බවයි.