පාස්කු ප්‍රහාර විමර්ශනයේ සුරේෂ් සලේගේ මෝසම හෙට දින කැඳවීමට නියෝග
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ තුන්වන සැකකරු වශයෙන් නම්කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු මෝසම සම්බන්ධයෙන් හෙට (04) දින කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොතිසි නිකුත් කර තිබේ.
මෙම මෝසම කැඳවීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.
මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යනු ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂවරයා වේ.
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට සමගාමීව අනාවරණය වූ සාක්ෂි මත පදනම්ව, ඔහු 2026 වසරේ පෙබරවාරි මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගන්නා ලදී.