දැන්ම සූදානම් වන්න - හෙට 1 න් පසු මේ පළාත්වලට වලංගු නිවේදනයක්

Report

අද(03) දින පස්වරු 2.00ට හෙට දින සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කර ඇත. එහි සඳහන් ලෙස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව සදහන්.

එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දන්වයි.

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව හදිසි දැනුම්දීමක් - අවවාදාත්මක නිවේදනය මෙන්න

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව හදිසි දැනුම්දීමක් - අවවාදාත්මක නිවේදනය මෙන්න

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකි වේ.

කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

කාලගුණයෙන් හදිසි නිවේදනයක් - අද සිට දින කිහිපයකට වැසි තත්ත්වය දරුණු වෙයි

කාලගුණයෙන් හදිසි නිවේදනයක් - අද සිට දින කිහිපයකට වැසි තත්ත්වය දරුණු වෙයි

මෙවර පොසොන් උත්සවේට රාජ්‍ය අනුග්‍රහ මුදල ප්‍රමාණවත් නැහැ..සංශෝධනය කරන්න වෙනවා - මිහින්තලා රජමහා විහාරාධිපති

මෙවර පොසොන් උත්සවේට රාජ්‍ය අනුග්‍රහ මුදල ප්‍රමාණවත් නැහැ..සංශෝධනය කරන්න වෙනවා - මිහින්තලා රජමහා විහාරාධිපති