සියලුම ජාතික පාසල් සහ විද්‍යාපීඨ සඳහා සුබ පණිවිඩයක් - අගමැතිනියගෙන් පොරොන්දුවක්

Report

2026 වර්ෂයේ අයවැය මඟින් ජාතික පාසල් සහ විද්‍යාපීඨ සංවර්ධනය සඳහා ලංකා ඉතිහාසයේ වෙන් වූ වැඩිම මුදල ලෙස රුපියල් බිලියන 13.5 ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවත්, පාසල් අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් තවත් රුපියල් බිලියන 5ක් වෙන් කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (02) පැවැති බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ සහ ධාරිතා සංවර්ධන වැඩසටහන අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

ලංකාවේ භාණ්ඩ ආනයනයට ප්‍රබල අභියෝගයක් - අමෙරිකාවෙන් ලංකාවට 12.5%ක බද්දක්

ලංකාවේ භාණ්ඩ ආනයනයට ප්‍රබල අභියෝගයක් - අමෙරිකාවෙන් ලංකාවට 12.5%ක බද්දක්

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, දරුවකුට ආදරය, රැකවරණය මෙන්ම සුරක්ෂිතතාව ලබාදෙන සුවිශේෂී ස්ථානයක් බවට පාසල පත් කිරීමේ වගකීම රජයක් ලෙස ඉතා විශ්වාසයකින් යුතුව භාරගන්නා බව අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ කාලයක් තිස්සේ පැවැති අර්බුද හඳුනාගනිමින්, සැමටම සම වරප්‍රසාද හිමිවන පරිවර්තනීය මාවතකට අධ්‍යාපනය යොමුකරලීම සඳහා රජයට තිරසාර සැලසුමක් ඇති බව පෙන්වා දුන් ඇය, ඕනෑම අර්බුදකාරී තත්ත්වයකදී පවතින සීමිත සම්පත් කළමනාකරණය කරමින් පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට විදුහල්පතිවරුන් කරන කැපකිරීම අගය කළාය. මෙම වැඩසටහනේදී අමාත්‍යාංශ චක්‍රලේඛයන්ට අනුකූලව සහ මූල්‍ය විනිවිදභාවයකින් යුතුව පාසල් සංවර්ධන ව්‍යාපෘති ඇතුළු පරිපාලන කටයුතු පවත්වාගෙන යාමටත්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සැලසුම්වලට අනුව පාසල් පරිසරය හැඩගැස්වීමටත් අවශ්‍ය අවබෝධය විදුහල්පතිවරුන් වෙත ලබාදීම සිදු විය.

එසේම පාසල් කටයුතු පවත්වාගෙන යෑමේදී මුහුණපෑමට සිදුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය හමුවේ සෘජුව අදහස් දැක්වීමට ද පැමිණ සිටි විදුහල්පතිවරුන්ට අවස්ථාව හිමි විය.

මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, අධිකරණ නඩු තීන්දුවකට අනුව ගුරුවරුන් 23,000ක ප්‍රමාණයක් බඳවාගැනීමට අනුමැතිය හිමිවී ඇති බැවින්, මෙම වසර අවසානයේදී එම ගුරු බඳවාගැනීම් කටයුතු නිල වශයෙන් සිදුකරන බවයි.

දිනෙන් දින සෙලවෙන රන් මිල අද තවත් වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

දිනෙන් දින සෙලවෙන රන් මිල අද තවත් වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

ඒ අනුව 2027 වසර වන විට රටේ පවතින ගුරු පුරප්පාඩු ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩුකරගත හැකි වනු ඇත.

තවද, මේ වන විට ආරම්භ කර ඇති පාසල් යටිතල පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධන වැඩසටහන් හැකි ඉක්මනින් නිමාකර සිසුන් වෙත අත්වින්දීමට සලස්වන බවත්, 2027 වසරේ සිට සම්පූර්ණයෙන්ම නව පාසල් සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමට රජය සැලසුම් කර ඇති බවත් ඇය පැවසුවාය.