යෝෂිතගේ පෙත්සමක් විභාගයට දින දෙයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව ගොනුකර තිබෙන කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව පවත්වාගෙන යා හැකි බවට කොළඹ මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දී තිබේ.
අද (03) දින අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
අප්‍රේල් මාසේ මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා - කවුරුත් ආදරය කරන අභිෂේකා කලාවෙන් තාවකාලිකව සමුගනී හේතුව මෙන්න
පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා ද එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඒ අනුව, මෙම ප්‍රතිශෝධන පෙත්සම විභාගය සඳහා ලබන ජුනි මස 16 වනදා නැවත කැඳවීමට අධිකරණය විසින් දින නියම කර ඇත.