රාජ්‍ය සේවකයින්ට නිකුත් කළ මේ ටිකට්වලින් දුම්රිය දෙපාර්තමේන්තුවට දැවැන්ත පාඩුවක් - හේතුව මෙන්න
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ අප්‍රේල් සහ මැයි යන මාසවල රාජ්‍ය සේවකයින්ට නිකුත් කරන වාර ප්‍රවේශ පත්‍ර නිසි පරිදි නිකුත් කිරිම ප්‍රමාද වීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 10 කට අධික පාඩුවක් සිදුව ඇති බවයි.
ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා, අතිකාල ගැටළුවක් මුල් කර ගනිමින් මෙම දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වූ බව පැවසුවා.
එසේම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,
"දුම්රිය දෙපාර්තමේන්තුව අප්‍රේල් සහ මැයි යන මාස දෙකේම රාජ්‍ය සේවකයින් සඳහා සහනදායී ලෙස ලබාදෙන වාර ප්‍රවේශපත්‍ර ඔවුන් වෙත නිකුත් කිරීම සඳහා ප්‍රමාද වීම සිද්ධ වුණා. අතිකාල ගැටලුවක් පදනම් කරගෙන තමයි අදාළ සිදුවීම සිද්ධවුණේ. ඒ් හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අප්‍රේල් මාසයේදීත් යම් අපහසුතාවයන්ට ලක්වෙන්න සිද්ධවුණා. මොකද දුම්රිය ස්ථානවල 01 දා සිට 10 දක්වා පමණයි ඒ් අදාළ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ. නමුත් මැයි මාසයේදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසය සඳහා වලංගුවෙලා තියෙන ඒ් අදාළ රජයේ සේවකයින් සඳහාවන ප්‍රවේශපත්‍ර මැයි 10 දක්වා දීර්ඝ කරනවා එක් අවස්ථාවක. ඊට පස්සේ නැවත එම දිනය මැයි 10 දක්වා නිකුත් කරනවා. ඊට පසුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මසදී ලබාගත්ත ප්‍රවේශපත්‍රය නැවතත් මැයි මස 25 දා දක්වා වලංගු කරනවා. ඒ් හරහා රජයේ සේවකයන්ට පසුගිය මැයි මාසයේදී එන්න හැකි වුණේ දවස් 3ක් විතරයි. එහිදී ඔවුන් අදාළ මුළු මුදලම ගෙවලා ප්‍රවේශපත්‍රය ලබා ගත්තේ නෑ. බොහෝ ප්‍රවේශපත්‍ර අවලංගු කරන්න සිද්ධවුණා. මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ 10 කට අධික පාඩුවක් සිද්ධ වුණා."