සජිත් මකුලෑවේ මහා නාහිමියන් බැහැ දකී
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (දහවල්) මීරිගම මිනීඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණ මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳවද, පසුගිය කාලය තුළ ඇතිවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් මීරිගම ප්‍රදේශය ඇතුළු දිවයින පුරා ජනතාවට මුහුණ දීමට සිදුවූ ගැටලු පිළිබඳවද විපක්ෂ නායකවරයා මහනාහිමියන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, වත්මන් රජය ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත් නොවන බවයි.
තමන්ගේ මතය පමණක් ක්‍රියාවට නංවමින් අනෙක් පාර්ශ්වවල අදහස් වලට ගරු නොකිරීම කනගාටුවට කරුණක් බවද ඔහු පැවසීය. එසේ වුවද රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව අවධාරණය කළ විපක්ෂ නායකවරයා, සියලු දරුවන්ට සුහුරු උපකරණ ලබා දී ඒවා ආරක්ෂාකාරී ලෙස භාවිතා කිරීමට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බවද පෙන්වා දුන්නේය.