"ආනන්ද හිටිය පොලිසියකුත් නැහැ, වටගල කතා කරපු නඩුවකුත් නැහැ" - චාමර ආණ්ඩුවේ දෙහි කපයි

Report

මේ ආණ්ඩුවට එරෙහිව ආරම්භ කළ විපක්ෂ උද්ඝෝෂණ මාලාවේ අරමුණ නායකයින් නිර්මාණය කිරීම නොව, ජනතාවගේ බලයෙන් එකමුතු වී කාලය පැමිණි විට ජනාධිපති පුටුව ජයග්‍රාහී කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අද (21) නුගේගොඩ ආනන්ද සමාකොන් එළිමහන් රංගපීඨයේ පැවැත්වූ “මහා ජන හඬ” රැළිය අමතමින් ප්‍රකාශ කළේය.

 ඔහු, සිය කතාවේදී තවදුරටත් කියා සිටියේ; 

"අපිට දැන් පක්ෂය අවශ්‍ය නැහැ.. මෙතැන හැම පක්ෂයක්ම ඉන්නවා. අනුර කුමාර පැයකට අයවැය කියවනවා පැයකට නාමල්ට බනිනවා. නාමල් හිටියනම් විදේශ තානාපතිවරුන් කලන්ත දාලා වැටෙනවා. ඇයි? විදේශ තානාපතිවරුන් ඇවිල්ලා.. අමාත්‍යංශ ලේකම්වරුන් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. අයවැය දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියලා.. පැය හතරහමාරක් කියව්වා. නාමල් හිටියනම් රෑ දහය වෙනකම් ජනපති අයවැය කියවනවා. මම නාමල්ට කිව්වා සර් යන්න කියලා.. නාමල් මහත්තයා මගෙන් ඇහුවා එතකොට චාමර අයියා මම යන්නම් කියලා නැගිටලා ගියා.. යාන්තම් ඒකයි පහමාරට අයවැය කියවිල්ල ඉවරවුනේ.. නාමල් රාජප්කෂ්ට පින් සිද්ද වෙන්න..

මේ ආණ්ඩුව පෙරලනවාමයි - වේදිකාව හොල්ලපු නාමල්ගේ ගිනි විසිවෙන කතාව මෙන්න

මේ ආණ්ඩුව පෙරලනවාමයි - වේදිකාව හොල්ලපු නාමල්ගේ ගිනි විසිවෙන කතාව මෙන්න

අපි පටන් ගත්තේ හිර ගෙවල්වල ඉඳන්.. අපි ඒවා අත අරින්නේ නැහැ.. අපේ ගමන අපි යනවා. ජනපති එදා පාර්ලිමේන්තුවේ කියනවා.. 2028 අපි තමයි කියලා.. ජනාධිපතිතුමා ගැරව්වට වහින්නේ නැහැ.. හැබැයි වහිනවනම් අද වැහිලා ඉන්නේ ජනතාව.. වහින්න ඉස්සල්ල ඔයාට ගොරවල යනවා මේ ජනතාව.. පෙරහැර යන්න කලින් කසකාරයෝ එනවා.. අන්න කසකාරයෝ තමයි අද ඇවිත් ඉන්නේ.. සුනාමියක් ආවාම ආපහු යනවා.. ඒ වගේ තමා පාර්ලිමේන්තුවට දැන් ඇවිත් ඉන්න උන්..

ඔන්න රනිල්ගේ සහතිකය හොයන්න රට ගිහින් ඉන්නේ.. දැන් නාමල්ගේ උපාධි සහතිකය හොයන්න පලයල්ලා.. ආනන්ද විජේපාල කියන්නේ පොලිසියේ හිටපු එස් අයි කෙනෙක්.. වටවල කතා කරපු නඩුවකුත් නැහැ, ආනන්ද හිටපු පොලිසියකුත් නැහැ.. දොස්තරය මොන හොස්පිටල් එකේද හිටිය කියන්නේකත් නැහැ.."