මේ ආණ්ඩුවට විදුලිබිල තෙල් මිල අඩු කරන්න බෑ - සජිත්ගෙන් ආණ්ඩුවට දොස්

CEB Anura Dissanayake Sajith Premadasa Sinhala news
By Mithu Apr 15, 2025 04:30 AM GMT
Mithu

Mithu

Report

 විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් බලය ලැබුණු පසු මාස 6කට විදුලි බිල අඩු කරන්න බැ කියද්දි ජනතා නැගී සිටීම නිසා 20%කින් විදුලි බිල අඩු කරන්න සිදුවූ බවත් තෙල් මිල සම්බන්ධයෙන් ද කිව්වේ එවැනිම දෙයක් වුවත් අද වන විට තෙල් මිල පවා අඩු කිරිමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රසිද්ධ මහාචාර්‍යවරයකු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රසිද්ධ මහාචාර්‍යවරයකු අභාවප්‍රාප්ත වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මීගමුව ආසනයේ පල්ලන්සේන කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරිම සදහා පැවැති ජනහමුවක් අමතමිනි..

  අද වන විට රටේ ජනතාව ජිවත් වන්නේ බොහෝ අමාරුවෙන් දුක් ගැහැට රැසක් මැද බවත් ආදායම් මාර්ග කඩා වැටී ජිවනෝපාය බිඳ වැටී අතට ලැබෙන මුදල් පවා අඩු වී ඇති මොහොතක වේගයෙන් බඩුමිල හා ජිවන බර වැඩිවෙමින් යන බවත් දුදරුවන් පෝෂණය කරන්න අධ්‍යාපනය ලබා දෙන්න පවා නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ පොරොන්දු වූයේ හොඳ ආදායම් මාර්ග ලබා දී ආර්ථිකය දියුණු කිරීම වුවත් අද වන විට දුප්පත්කම වර්ධනය වී ජනතාව අසරණ වී අගහිගතාවලින් යුත් ජනපරපුරක් නිර්මාණය වී ඇති බවත් වේදිකාවේ සටන් පාඨ කියා ජනප්‍රිය ප්‍රකාශ කිව්වත් බලය ලැබුණු පසු වැඩබැරි ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් කතාවයි කයිවාරුවයි බොරුවයි රැවටීමයි මුසාවෙන් මුලාවෙන් ඇන්දවීමෙන් ජනතාව අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මොලේ මියගිය කෙනෙකුගේ වකුගඩුවකින් ජීවිතය බේරගත් ලාබාලම දියණිය

මොලේ මියගිය කෙනෙකුගේ වකුගඩුවකින් ජීවිතය බේරගත් ලාබාලම දියණිය

ReeCha