මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
මේ වන විට මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩු පාර්ශ්වය ආරම්භ කොට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මෙහෙයුම් වලට සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙක් හසු නොවන්නේයැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) විපක්ෂ නායක කාර්යාලයේ දී සඳහන් කළා.
සමස්ත රටම බරපතළ ලෙස කඩා වැටී ඇති මොහොතක ආණ්ඩුව සිදු කළ යුත්තේ රට ගොඩනැඟීම වුවත් මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ විවිධ පක්ෂවල දේශපාලනඥයින් බිලිබා ගැනීමේ මෙහෙයුම බවයි ඒ මහතා කියා සිටියේ.
රට ගැන හැඟීමක් තිබෙනවා නම් ආණ්ඩුව කළ යුතුවන්නේ මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට ඩොලර් වෙන් කරනවා වෙනුවට රටේ ජනතාවගේ අත්‍යාවශ්‍ය දෑ වෙනුවෙන් ඒ මුදල් වෙන් කිරීම බව ද විපක්ෂ නායකවරයා කියා සිටියා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |