සචිත්‍ර සේනානායක අද රස පරීක්ෂක හමුවට.
By Hashini
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක කටහඬ පරීක්ෂාවක් සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත අද (13) රැගෙන ගොස් තිබෙනවා.
ඔහු මේ වන විට තරඟ පාවාදීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රිමාන්ඩ් භාරයේ පසු වෙනවා.
2020 වසරේ පැවතී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේදී ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට පෙලඹවීමක් කරන ලදැයි චෝදනාව යටතේ තරඟ පාවාදීමට උත්සාහ කිරීම සම්බන්ධයන් සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වුණා.
එහිදී ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සචිත්‍ර සේනානායක සැකපිට අත්අඩංගුවට ගැනුණා.