” කලාකරුවන් විදිහට පෞද්ගලික ජීවිතයත්, රංගන ජීවිතයත් පටලවා ගන්න හොඳ නැහැ” – රුවන්ති මංගලා

Ruwanthi mangala namal udugama
By Sithumi Oct 02, 2021 05:12 PM GMT
Sithumi

Sithumi

Report

රංගන ශිල්පිනියක් ආදරණීය බිරිඳක් මෙන්ම දරුවන් දෙදෙනකුගේ ආදරණීය මවක් ලෙස තුන් ආකාරයක ජීවන භූමිකාවක යෙදෙන සුන්දර චරිතයක් තමයි රුවන්ති මංගලා කියන්නේ මේ දිනවල ‘ඉස්කෝලේ’ ටෙලි වෘත්තාන්තයේ ‘ජයමිණී’ ගේ චරිතය තුළින් අපිට ඇයව දැකගත හැකියි.

නාමල් උඩුගම කියන ජනප්‍රිය ගායක ශිල්පියා ගේ බිරිඳ ලෙස පසුගිය කාල සීමාවේ ඔහුගේ ළඟම රැඳෙමින් ඔහු රැක බලා ගැනීමට අපරිමිත වෙහෙසක් වෙමින් කැපවීමෙන් කටයුතු කළ ඇය මේ වන විට නැවතත් සතුටින් ක්ෂේත්‍රයේ කටයුතු වලට අවතීර්ණ වී තිබෙනවා. 

සියත නාලිකාවේ විකාශනය වන රැහේ ටෙලි නාට්‍යයත්, ඊට අමතරව ඉස්කෝලේ ටෙලිනාට්‍යනුත් අපිට මේ දිනවල ඇයව දැක ගන්නට පුළුවන්. ඒත් එක්කම සිරස නාලිකාවේ විකාශය වන උතුම් පැතුම් ටෙලි නාට්‍යයත්, ස්වාධීන රූපවාහිනියේ අමා සහ පබා නාට්‍යයන් දෙකෙහිමත් සියත නාලිකාවේ සීතල ගිනිදැල් කියන ටෙලි නාට්‍යයත් මේ දිනවල නැවත විකාශනය සිද්ධ වෙනවා. ඉතින් රුවන්ති මංගලා කියන ආදරණීය රංගන ශිල්පිනිය පසුගිය දවසක පුවත්පතක් සඳහා සාකච්ඡාවක් ඉදිරිපත් කරලා තිබුණා.

ඉතින් එහි දී ඇය ඉදිරිපත් කළ කරුණු අතර ඇයගේ පෞද්ගලික මෙන්ම රංගන ජීවිතයේ කරුණුද ඇතුළත් වෙලා තිබුණා. ඉතිං ඇය කියන විදියට නම් පසුගිය කාලේ ඇය බොහෝ නිර්මාණවලින් දැකගන්නට ලැබුණේ නැහැ ඒකට හේතුව වෙන්නේ ඇය සමාජ සේවා කාර්යයන් සඳහා පහුගිය දවස් ටිකේ කාර්යබහුල වීම.

රංගනය ගැන කතා කරනකොට අද බොහෝ දෙනාට රංගනයට එන්න අවස්ථා බොහොමයක් තියෙනවා කියලා ඇය කියනවා. නමුත් ඇය ක්ශේත්‍රයට එනකොට එවැනි අවස්ථා බොහෝ විට විවෘත වෙලා තිබුණේ නැහැ කියලා තමයි කියන්නේ. කොහොම වුණත් අද කලා ක්ෂේත්‍රයට පැමිණෙන බොහෝ දෙනා එහි පැවැත්ම පිළිබඳව ගැටලුවකට මුහුණ දෙනවා. මොකද බොහෝ අවස්ථා ක්ශේත්‍රයට පැමිණීමට තිබුණත් එහි රැඳීමට අනිවාර්යෙන් හැකියාව කියන දේ ඕනේ කියලා තමයි ඇය කියන්නේ.

නමුත් අද වෙනකොට ශලනි තාරකා, ඉෂාරා සඳමිණි, බුවනි චාපා වගේ දක්ෂ රංගන ශිල්පිනියන් ක්ෂේත්‍රයෙන් ඉන්නවා කියලා කියනවා. පෞද්ගලික ජීවිතයත් රංගන ජීවිතයත් දෙකම සමබරව පවත්වාගෙන යන ඇය කියන්නේ බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ පෞද්ගලික ජීවිතයේ කඩා වැටීම් ද රංගන ක්ෂේත්‍රය තුළට බලපානවා කියලා.

පෞද්ගලික ජීවිතයත් රංගනය ජීවිතයත් සමබරව පවත්වා ගැනීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක් කියලා තමයි ඇය කියන්නේ. ඉතින් ඇගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරනකොට සංගීත ශිල්පියෙක් වන නාමල් උඩුගම මහත්මයාගේ කටයුතු වලටත් ඇය සහයෝගය දක්වන අතර ඇයගේ කටයුතු වලටත් නාමල් මගින් ලැබෙන්නේත් ඉහළ සහයෝගයක් කියල කියනවා.ඒත් එක්කම ඔවුන්ගේ දුව කලා ක්ශේත්‍රයට පැමිණීමට බලාපොරොත්තුවක් නැහැ කියලා කියනවා

. නමුත් පුතා ගායන ක්ෂේත්‍රයෙන් ඉහලට යන්නට බලාපොරොත්තුවක් තියෙන බවත් ඇය සඳහන් කරනවා. ඉතින් මේ ආදරණීය රංගන ශිල්පිනියට වගේම ඇගේ පෞද්ගලික ජීවිතයට හා රංගන ජීවිතයටත් අපි සුභ පැතුම් එක්කරනවා අනාගතය සාර්ථක වෙන්නට කියලා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha