වහාම ප්‍රවේසම් වන්න..ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇගවීම්..

Report

දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවධානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කොච්චර කිව්වත් අහල නෑ..හිටපු මන්ත්‍රීවරු 5ක් කරලා තියන දේ..

කොච්චර කිව්වත් අහල නෑ..හිටපු මන්ත්‍රීවරු 5ක් කරලා තියන දේ..

නිවේදයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ (25) රාත්‍රියේ සිට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් හැඩ ඔය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

කලක පටන් තිබු ගිනි පුපුරු ..ජීවිතයකුත් වනසගෙනම ඇවිලෙයි..

කලක පටන් තිබු ගිනි පුපුරු ..ජීවිතයකුත් වනසගෙනම ඇවිලෙයි..

එමෙන්ම මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්‍රදේශවලට ඊයේ සිට ලැබෙන වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟ ද්‍රෝණියේ දිඹුලාගල, එච්චලම්පට්ටෙයි, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, කොරාලෙයිපත්තු උතුර, ලංකාපුර, මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, තම්පක්කමම් හා වැලිකන්ද ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

සුජීවගේ සුඛෝපභෝගි රථය පිළිබද අධිකරණය ගත් තීරණය..

සුජීවගේ සුඛෝපභෝගි රථය පිළිබද අධිකරණය ගත් තීරණය..

එබැවින් එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට ඒ සම්බන්ධව විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.  


You may like this video