පැතුම් නිස්සංකට මේ පාරත් IPL දොර විවෘත නොවේ - ලංසු නොතබාම එළියට..
By krishani
2025 වසරේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට පැතුම් නිස්සංක අලෙවි නොවුණු ක්‍රීඩකයෙකු විය.
ඒ අනුව ඔහුව කිසිදු කණ්ඩායම් කළමනාකාරීත්වයක් විසින් මිලට ගැනීමටත් පෙර ලංසු නොතබා ම ප්‍රතික්ෂේප විය.
පැතුම් හට මෙවර මූලික ලංසුව යටතේ හිමි වූයේ ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් වේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස නම් දරා සිටින පැතුම් සිය ජාත්‍යන්තර එක්දින, පන්දුවාර 20 සහ ටෙස්ට් තරග සඳහා එක් ව සිටිය ද මෙතෙක් කිසිදු IPL තරගයකට ක්‍රීඩා කර නොමැත.
මේ අතර, ඔස්ට්‍රෙලියාවේ මුල් පෙළ පිතිකරුවෙකු වන ස්ටීවන් ස්මිත් ද මෙවර ප්‍රතික්ෂේප විය.
ඒ අලෙවි නොවුණු ක්‍රීඩකයෙකු ලෙසයි.
You May Like This Video 👇
.