කිසිදු පොහොර හිඟයක් නෑ - යල කන්නය ගැන බය වුණ ගොවීන්ට සුබ ආරංචියක්
ශ්‍රී ලංකාව තුළ යල කන්නය සඳහා කිසිදු පොහොර හිඟයක් නොමැති බව අතිරේක කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය පවසයි.
ඒ අනුව පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේදී අද (29) දින පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අතිරේක අධ්යක්ෂ ජනරාල් ශ්‍යාමලි මහත්මිය මේ බව පවසා ඇත.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කර ඇත්තේ මෙවර යල කන්නය සඳහා පොහොර අවශ්‍යතාවය පිළිබඳව ජාතික පොහොර මහ ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කළ බවයි.
ඒ අනුව එහිදී යල කන්නය සඳහා කිසිදු පොහොර හිඟයක් නොමැති බවට ඔවුන් සහතික කළ බවත් ඇය සඳහන් කර ඇත.