බය කරලා වැඩ කරගන්න ඉරානයට ඉඩ දෙන්නේ නෑ - ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය විසින් සිදුකරන බියගන්වා යටත් කරගැනීමේ (Blackmail) කිසිදු උත්සාහයකට තමා ඉඩ නොදෙන බව පවසයි.
ධවල මන්දිරයේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පෙර ඉරානය පිළිබඳ කෙටි අදහස් දැක්වීමක් සිදුකළ ජනාධිපතිවරයා එහිදී ප්‍රධාන කරුණු කිහිපයක් සඳහන් කර තිබේ.
ඉරානය සමඟ මේ වන විට "ඉතා යහපත් මට්ටමේ සාකච්ඡා" සිදුවෙමින් පවතින බවද ඔහු එහිදී පැවසීය. ඉරාන නායකයින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට උත්සාහ කරන බවත්, නමුත් අමෙරිකාවට එරෙහිව එවැනි තර්ජන එල්ල කිරීමට ඉඩක් නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.