ශ්රී ලංකා පොලිසියෙන් ජනතාවට නිවේදනයක් - අනතුරු ඇගවීමක් නිකුත් කරයි
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ජනතාවගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ඉහළ ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්රකාශ කර තිබේ.
සහකාර පොලිස් අධිකාරී (ASP) W.P. ජයනෙත්සිරි මහතා ප්රකාශ කළේ, පුද්ගලයෙකුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බව පවසමින් සහ දඬුවම ලිහිල් කිරීමට හෝ යම් ආකාරයක සහනයක් ලබා දීමට මුදල් ඉල්ලා සිටීමෙන් සයිබර් අපරාධකරුවන් මෙම වංචා සිදු කරන බවයි.
පසුගිය වසරේ සයිබර් අපරාධවලට අදාළ පැමිණිලි 10,015 ක් ලැබී ඇති අතර ඉන් 3,100 ක් විශේෂයෙන් සයිබර් වංචා සම්බන්ධයෙන් බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
මේ හේතුවෙන් මෙවැනි වංචාකාරයන් පිළිබදව අවදානයෙන් කටයුතු කරන මෙන් පොලිසිය විසීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.