රටම කළඹපු රාගම කාන්තාවගේ කොණ්ඩේ බලෙන් කපලා පහර දුන් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
රාගම ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් සිදු කිරීමේ සිද්ධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් 5 දෙනා එළැඹෙන 20 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් අදාළ පිරිස අද (18) වැලිසර වැඩබලන මහේස්ත්‍රාවරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ ප්‍රධාන සැකකාරිය අවුරුදු 27ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඒවගේම අවුරුදු 20,21,22 සහ 23 වන වයස්වල පසුවන රාජාංගනය, කඩවත, රාගම සහ ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙක්ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලීසිය වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබේ