ලොවට ගෙන යන සාම පා ගමන ලංකාවෙන්
අවිහිංසාවාදී පණිවිඩය ලොවට ගෙන යන ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවට සහභාගී වීම සඳහා ඇමරිකානු සාම පාගමනට නායකත්වය දුන් අලුත්ගම පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු දොළොස්නමක් නමක් දිවයිනට වැඩිම කරනු ලැබ සිටිති.
අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහ බෝධින් වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන 22 වැනි දා මෙම සාම පා ගමන ආරම්භ වීමට නියමිතය. අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සාම පාගමන ආරම්භ වන අතර ශ්‍රී මහා බෝධි අංකුරයක්ද සාම පාගමනේ වැඩම කරවීමට නියමිතය.
අනුරාධපුරයෙන් ආරම්භ වන මෙම පාගමන දඹුල්ල පූජා නගරය නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර, කැලණිය හරහා අප්‍රේල් 28වන දින නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට සැලසුම් කර ඇත.
වැඩම කරවන ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුර ශාඛාව ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නයට පූජා කිරීමට සැලසුම් කර ඇත.