රුමේෂ් තරංග ලංකාවෙන් පිට වෙයි - සුපිරි මළල ක්‍රීඩක රුමේෂ් තරංග පාන්දරම ජපානය වෙත

Report

නව ආසියානු වාර්තාවක් සමග තම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීම තම අභිලාෂය බව රුමේෂ් තරංග පවසයි.

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම , ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන ආසියානූ ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අවස්ථාවේදී රුමේෂ් තරංග මෙය පවසා ඇත.

රුමේෂ් තරංග මෙවර ආසියානූ ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද හිමි කර ගෙන ඇත. තමා සතු පුහුණු වීම් සඳහා යොදා ගන්නා හෙල්ල කීපයක් පවතින බවත් , ඒවා යොදා ගෙන මේ දිනවල පුහුණු වීම් කටයුතු වල නිරත වූ බවත් රුමේෂ් ප්‍රකාශ කර ඇත.

සියලු බලාපොරොත්තු සමඟ රුමේෂ් තරංග අද රාත්‍රියේ ජපානය බලා පිටත්වෙයි

සියලු බලාපොරොත්තු සමඟ රුමේෂ් තරංග අද රාත්‍රියේ ජපානය බලා පිටත්වෙයි

රුමේෂ් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 22 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර ඔවුන් අද (20) අලුයම 12.50 ට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 612 දරණ ගුවන් යානයෙන් හොංකොං වෙත පිටත්ව ගිය අතර, එතැන් සිට ජපානයේ නගෝයා නුවර වෙත යාමට නියමිතයි.

ලංකාවේ මුහුදු ප්‍රදේශ කැළඹෙයි - මුහුදු රළ මීටර 2කට උඩින් එයි - ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක්

ලංකාවේ මුහුදු ප්‍රදේශ කැළඹෙයි - මුහුදු රළ මීටර 2කට උඩින් එයි - ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක්