වකුගඩු හා අක්මා රෝගීන්ට නරක ආරංචියක්

Report

අක්මා සහ වකුගඩු බද්ධ කළ රෝගීන්ට ලබාදෙන ටැක්‍රොලිමස් ඖෂධ මාත්‍රාව තීරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන රුධිර පරීක්ෂණය, එය සිදු කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය කොළඹ ජාතික රෝහලේ නොමැතිවීම හේතුවෙන් තාවකාලිකව අත්හිටවී ඇත.

නව රජය නිසා රටම දිනුම්... සුරාබදු ආදායම අහසට

නව රජය නිසා රටම දිනුම්... සුරාබදු ආදායම අහසට

දැනට පරීක්ෂණය වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කරන අතර වාර්තාවක් ලබා ගැනීමට සති 2ක් පමණ ගතවීම, රෝගීන්ට බරපතල බලපෑම් එල්ල කරන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. රසායන හිඟයට ප්‍රධාන හේතුව ලෙස සැපයුම්කරුවන්ගේ ප්‍රමාදය සඳහන් වේ.

ටැක්‍රොලිමස් මට්ටම මැනීම, අවයව ප්‍රතික්ෂේපය වැළැක්වීම සඳහා අවශ්‍ය වෛද්‍ය පරික්ෂාවක් වන අතර එහි ප්‍රතිඵල අනුව ඖෂධ මාත්‍රාව සකස් කෙරේ.

වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසන්නේ සාම්පල වැඩි වශයෙන් ලැබුණහොත් වාර්තාවට සුළු ප්‍රමාදයක් විය හැකි නමුත් සති 2ක ප්‍රමාදයක් සාමාන්‍ය නොවන බවයි.

ආණ්ඩුව වට්ටන සැලසුම් බන්ධනාගාරය ඇතුළෙන් පටන් ගන්නවද?

ආණ්ඩුව වට්ටන සැලසුම් බන්ධනාගාරය ඇතුළෙන් පටන් ගන්නවද?

මේ අතර මහනුවර ජාතික රෝහලේ පරීක්ෂණ සාමාන්‍ය ලෙස සිදුවන අතර රෝගීන්ට කිසිදු අපහසුතාවක් නොමැති බව එහි අධ්‍යක්ෂිකා සඳහන් කළාය.