නව ආදායම් මාර්ග නිර්මාණය කිරීමට අද දින සිට දිවයින පුරා ව්‍යාපෘති 100ක්

Report

ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීම සහ පළාත් පාලන ආයතන ආර්ථිකමය වශයෙන් ස්වාධීන කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන “පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ රුපියල් මිලියන 2,500ක ප්‍රාග්ධන ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවක් අද (14) දින සිට දිවයින පුරා ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ මෙරට පළාත් පාලන ආයතන මධ්‍යම රජය මත යැපීම අවම කරමින්, ස්වයංව නැගී සිටීමට අවශ්‍ය නව ආදායම් මාර්ග නිර්මාණය කිරීම වේ.

ඒ ඔස්සේ ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම ද මෙයින් අපේක්ෂා කරන බව සඳහන්. ඒ අනුව මෙම වැඩසටහන යටතේ වෙළෙඳ සංකීර්ණ, සූර්ය බලශක්ති පද්ධති, කෘෂිකාර්මික හා සංචාරක මධ්‍යස්ථාන මෙන්ම විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන ඇතුළත් වන පරිදි විවිධ අංශ ආවරණය කරන ව්‍යාපෘති 100කට අධික ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිතව ඇත.  

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

දුම්රියේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක් - මේ මාර්ගවල දුම්රිය ගමන් නවතියි

දුම්රියේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක් - මේ මාර්ගවල දුම්රිය ගමන් නවතියි