වත්තල ලේ විලක් කර ඉන්දියාවට පලා ගිය සැකකරුවන් මෙරටට පිටුවහල් කරයි - කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Report

වත්තල ප්‍රදේශයේ හෝටලයක ඉකුත් ජූලි 23 වැනි දින රාත්‍රියේ පැවති උපන්දින සාදයකට කඩාවැදී, වෙඩි ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කර ඉන්දියාවට පළාගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ, අදාළ ඝාතන සිද්ධියෙන් පසු ඔවුන් දෙදෙනා නීතිවිරෝධී ආකාරයට බෝට්ටුවක් මඟින් ඉන්දියාවට පලාගොස් ඇති බවයි. එහිදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබෙනවා.

චෙන්නායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පිටුවහල් කර එවා තිබූ අඳාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ විසින් කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මීට පෙර දැනුවත් කර තිබූ බව සඳහන්.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

මෙම සැකකරුවන් වත්තල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 30 සහ 34 යන වයස්වල පසුවන්නන් බව වාර්තා වේ.

කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරුවන්ගෙන් මූලික ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔවුන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

නව නීතියක් - ආයේ කිසිසේත් මේ විදිහට යතුරු පැදි පැදීම තහනම් නීතිය වහාම ක්‍රියාත්මක වේ

නව නීතියක් - ආයේ කිසිසේත් මේ විදිහට යතුරු පැදි පැදීම තහනම් නීතිය වහාම ක්‍රියාත්මක වේ