පාරිභෝගිකයන්ට සුබම සුබ ආරංචියක් - මේ නිෂ්පාදනයෙන් වර්ග 28ක්ම වෙළඳපලට
දේශීය ධීවර කර්මාන්තය, නිෂ්පාදන ක්ෂේත්රය සහ සමූපකාර ව්‍යාපාරය ඒකාබද්ධ කරමින් නව වාණිජ ආකෘතියක් යටතේ නිෂ්පාදනය කරන ‘කෝප් ෆිෂ්’ නමින් ටින් මාළු නිෂ්පාදන වර්ග 28ක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
සමූපකාර සමිති 305ක් හරහා විහිදුණු අලෙවිසැල් 4,000කට ආසන්න ජාලයක් සහ මිලියන 8.2ක සාමාජික පදනමක් ඔස්සේ මෙම නිෂ්පාදන දිවයිනේ සෑම ගම්මානයකටම සාධාරණ මිලකට බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමයේ සභාපති ආචාර්ය ශාන්ත ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
මෙම නව ව්‍යාපෘතිය හරහා මෙරට තුළ නව රැකියා අවස්ථා 6,000ක් බිහිකිරීමට ද අපේක්ෂා කෙරේ.