වගා හානි වලට කෝටි 153.5ක් ගෙවා අවසන් ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව කියයි

Report

මෙරට පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් වී ගොවීන්ට සිදුවූ වගා හානි වෙනු­වෙන් රුපි­යල් කෝටි 153.5ක් මේ වන විට එම ගොවීන්ගේ බැංකු ගිණු­ම්ව­ලට බැර­කි­රී­මට කට­යුතු කළ බව ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් ජන­රාල් ධම්මික රණ­තුංග මහතා ප්‍රකාශ කර තිබේ.

තවද වගා­හානි සිදුවූ කුඹුරු හෙක්ට­යාර 44, 000ක් වෙනු­වෙන් ගොවී­න්ගෙන් අය­දුම් පත් ලැබී තිබුණි ඒ වගේම එම කුඹුරු බිම් නිරි­ක්ෂ­ණ­යෙන් පසු මෙම වන්දි මුදල් ගෙවීම් මෙම 30 වැනි­දාට පෙර සිදු කරන බව ද එතුමා සදහන් කර තිබේ.

තවද ද රණ­තුංග මහතා සදහන් කරන්නේ මෙලෙස සිදු වී තිබෙන වගා හානි සම්බ­න්ධ­යෙන් වී ගොවී­න්ගෙන් මෙන්ම අනෙ­කුත් වගා­වන් විනාශ වූ ගොවී­න්ගෙන් අය­දු­ම්පත් මේ වන විටත් ලැබෙ­මින් පව­තින බවයි.

ඒ අනුව විමසා බැලීමේදී සිය­ලුම දිස්ත්‍රි­ක්ක­යන්හි ගොවීන්ට වගා හානි සිදුව තිබේ.

වී සහ බඩ­ඉ­රිඟු ගොවීන් සඳහා හෙක්ට­යා­ර­ය­කට රුපි­යල් 150, 000ක දීම­නා­වක් හිමි වේ ඒ වගේම එළ­වළු සහ වෙනත් භෝග සඳහා හෙක්ට­යා­ර­ය­කට රුපි­යල් ලක්ෂ 02 ක මුද­ලක්ද හිමි වීමට නියමිතව තිබේ.

ගොවි ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුව විසින් අදාළ වන්දි මුදල ගොවි බැංකු ගිණු­ම්ව­ලට සෘජු­වම බැර කිරී­මට සූදානම් වේ .

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

ගොවි­ජන සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වන විටත් වගා­හානි දීම­නාව සඳහා අය­දුම් නොකළ ගොවීන් වේනම් අදාළ අය­දු­ම්පත ප්‍රදේ­ශයේ කෘෂි­කර්ම පර්යේ­ෂණ නිෂ්පා­දන සහ­කාර වෙතින් ලබා­ගෙන එය ප්‍රදේ­ශයේ ගොවි සංවි­ධා­න­වල ලේකම්/සභා­පති, ආර්ථික සංව­ර්ධණ නිල­ධාරි හෝ සමෘද්ධි නිල­ධාරි සහ කෘෂි­කර්ම උප­දේ­ශ­කගේ අත්ස­නින් යුතුව කෘෂි­කර්ම පර්යේෂණ නිෂ්පා­දන සහ­කාර වෙත කඩි­න­මින් ලබා­ දීමට කටයුතු කරන ලෙසයි.

රටක් කැළඹූ සිරිමාවෝ බාලිකාවේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශ විමර්ශනයක් - විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

රටක් කැළඹූ සිරිමාවෝ බාලිකාවේ සිදුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශ විමර්ශනයක් - විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි