‘කුඩු’ රියැදුරන්ට දැඩි පියවර - අල්ලන නිලධාරියකුට දහදාහක්

Report

හෙරොයින්, ගංජා, අයිස් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට රුපියල් දහ දහසක (10,000) දීමනාවක් ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ අද (01) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සති අග  පුවත්පතට පවසා තිබෙනවා.

රථවාහන රාජකාරියේ යෙදෙන ඕනෑම පොලිස් නිලධාරියකුට රියැදුරුගේ ඇස්, මුහුණේ ඉරියව්, බාහිර හැසිරීම් ආදිය නිරීක්ෂණය කර මත්ද්‍රව්‍ය භාවිතය සැක සහිත බව පෙනෙන්නේ නම් එම රියදුරු පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂාවන්ට යොමු කළ හැකියි. එහිදී රුධිර හා මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීමෙන් මත්ද්‍රව්‍ය භාවිතය තහවුරු කරගත හැකි බවත්, දින 14ක කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිත කළ ඕනෑම රියදුරෙකු මෙම පරීක්ෂණවලදී හසුවන බවත් ඔහු සඳහන් කළා.

ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි - නව මිල මෙන්න

ඉන්ධන මිල ගණන් සංශෝධනය වෙයි - නව මිල මෙන්න

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් රිය අනතුරු රැසක් සිදුව ඇති බැවින් මෙම වැඩපිළිවෙළ දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර මත්පැන් පානය කර රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගන්නා නිලධාරීන්ට එක් එක් නඩුවකට රුපියල් 5,000ක දීමනාවක් දැනටමත් ලබාදෙන බවත් ඔහු කීවේය.

මෙම පියවර මගින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය පැදවීමේ අවදානම අවම කිරීමට හා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමට බලාපොරොත්තු වෙනවා. ජනතාවගෙන් ද මෙම කටයුතුවලට සහයෝගය ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න