ලක්ෂ ගානක් වටින අගමැති පුතුගේ පූසා හමුවෙයි..දෙනව කිව්ව තෑග්ගට මොකද වුනේ..
අතුරුදහන් වූවා යැයි කියූ අගමැති පුත් රෝහිත රාජපක්ෂ (චිචී) ගේ සූරතල් පූසා හමුවී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
තමන් සුරතලයට ඇති කළ, සුරතල් පූසා අතුරුදන්ව ඇති බව,ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ සිය මුහුණු පොතේ සටහන් කර තිබුණා.
බැද්දගානේ ඔහුගේ නිවසේ සිටි මෙම ඉහළ වටිනාකමකින් යුතු මෙම පුසා සොයා දෙන අයෙකුට විශේෂ තෑග්ගක් පිරිනමන බවටයි එහි වැඩිදුරටත් සඳහන් වුනේ.
කෙසේ වෙතත් බළලා හමුවී ඇති නිසා රෝහිත රාජපක්ෂ ඔහුගේ ගිණුමේ පළ කර තිබූ සටහන ද ඉවත් කරගෙන තිබෙනවා.
ඒ වෙනුවට රෝහිත විසින් සිය සුරතලා හමුවූ බව සඳහන් කරමින් සියලු දෙනාට ස්තුති කරන්නට ද අමතක කර තිබුනේ නැහැ.
කෙසේ වෙතත්, රටේම අවධානය දිනූ ඡායාරුපයේ සිටි, එම බළලුන් අයත් වන්නේ Turkish Angora වර්ගයටයි.
Turkish Angora යනු එකල මධ්‍යම ඇනටෝලියාවේ (වර්තමානයේ තුර්කිය, අන්කාරා කලාපය) ආරම්භ වූ පෞරාණික, ස්වාභාවික බළලුන් විශේෂයක්.
17 වන සියවස තරම් ඈතකදීත් මෙම වර්ගය අභිජනනය කළ ලේඛන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අභිජනන බළලුන් Angora හෝ Ankara බළලුන් ලෙසද හැඳින්වෙනවා.
බ්‍රිතාන්‍ය හා ඇමරිකානු බළලුන් ඇති කරන්නන් විසින් පර්සියානු බළලා Turkish Angora විකෘති වලින් වර්ධනය කරන ලද බව ද සඳහන්.
Turkish Angora බළලාගේ මිල සාමාන්‍යයෙන් ඩොලර් 900-1500 අතර වනවා. එහෙත් උසස් පෙළපත, සම්මත ශරීර අනුපාතය, ලස්සන වර්ග සහ ප්‍රසිද්ධ අභිජනන ගොවිපලවල් වලින් එන Turkish Angora පූස් පැටවුන්ට ඩොලර් 1800 සිට ඩොලර් 3000 දක්වා ඉහළ මිලකට අලෙවි වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |