රටම කතාවුන මර්වින්ගේ ලක්ෂ 6000 නඩුවට නම කියැවුණු රිතු ආකර්ෂා ඇත්තම කතාව කියන්න කට අරියි

By Kanchana Aug 04, 2026 04:02 AM GMT
Report

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව පැහැදිලි කළ නොහැකි වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් ගොනු කර ඇති නඩුවේ තම නම සඳහන් වන බවට පළ වූ මාධ්‍ය වාර්තා නිළි රිතු ආකර්ෂා ප්‍රතික්ෂේප කර තිබේ.

ඇය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත්තේ, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල සංසරණය වන වාර්තා අසත්‍ය, නොමඟ යවන සුළු සහ තම කීර්තිනාමයට හානි සිදුකරන ඒවා බවයි. 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා කාලය තුළ රුපියල් මිලියන 600කට අධික පැහැදිලි කළ නොහැකි වත්කම් රැස් කළ බවට චෝදනා කරමින් මර්වින් සිල්වාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අධිකරණ වාර්තාවල "රිතු ආකර්ෂා" නමින් DFCC බැංකු ගිණුමකට මුදල් බැර කළ බව සඳහන් වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රිතු ආකර්ෂා පවසා ඇත්තේ, තමන් කිසිදු අවස්ථාවක DFCC බැංකුවේ ගිණුමක් පවත්වාගෙන ගොස් නොමැති බවත්, අධිචෝදනා පත්‍රයේ සඳහන් ගිණුම් අංකය තමන්ට අයත් නොවන බවත්ය.

Mr. කොත්තු අවසන් දවස් 14- Mr. කොත්තු හිමිකරු ඇත්තටම ලංකාවෙන් යනවද? වෙනස්ම හෙළිදරව්වක්

Mr. කොත්තු අවසන් දවස් 14- Mr. කොත්තු හිමිකරු ඇත්තටම ලංකාවෙන් යනවද? වෙනස්ම හෙළිදරව්වක්

එම කරුණ තහවුරු කරමින් DFCC බැංකුව විසින් නිකුත් කළ ලිපියක් ද ඇය සිය ප්‍රකාශය සමඟ ඉදිරිපත් කර තිබේ. තවද, අධිචෝදනා පත්‍රයේ සඳහන් 2010 සිට 2012 දක්වා කාලය තුළ තමන් පාසල් ශිෂ්‍යාවක්ව සිටි බවත්, එම චෝදනා සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඇය අවධාරණය කර ඇත.

මෙවැනි වාර්තා හේතුවෙන් තම පෞද්ගලික කීර්තිනාමයට සහ වෘත්තීය ජීවිතයට බරපතළ හානියක් සිදුවී ඇති බව පවසන රිතු ආකර්ෂා, තමන් ගනුදෙනුවට සම්බන්ධ බවට අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කළ හෝ බෙදාහැරූ මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය පිටු සහ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව ද සඳහන් කළාය.

එමෙන්ම, ඉදිරියේදී ද තමන් ගනුදෙනුවට සම්බන්ධ බවට අසත්‍ය, විකෘති කළ හෝ නොමඟ යවන තොරතුරු ප්‍රකාශයට පත් කරන හෝ නැවත ප්‍රචාරය කරන ඕනෑම පාර්ශ්වයකට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ද ඇය අනතුරු ඇඟවීය.

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

Gallery