අකලට මිලින වූ මල් කැකුළ
වෑන් රථයක ගැටී 5 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
එම දරුවා කොළඹ, මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි දරුවෙකි.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තලගලගේ නිවේන් මින්නාස් නම් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවන දරුවාය.
මෙම දරුවා නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටියදී අතුරු මාර්ගයක් දෙසට දිව යෑමේ දී එම මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක ගැටී අනතුර සිදුව තිබේ .
දරුවාට අනතුරින් මතුපිට සීරිම් තුවාල පමණක් දක්නට ලැබී ඇත.
ඉන්පසුව පසුව ලේ වමනය කිරීම හේතුවෙන් වෑන් රථයේ රියදුරු විසින්ම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන ගොස් තිබේ .
ඉන්පසුව දරුවා විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය විසින් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 50 හැවිරිදි වියේ පසුවෙන්නෙකි තවද මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කර නොසිටි බවට අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.