යේමනයේ දරුණු වෙඩි ප්‍රහාරයක් - 5 දෙනෙක් ජීවිතක්ෂයට
By Kaushi
යේමනයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම මෙම වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
තායිස් ආණ්ඩුකාර නබිල් ෂම්සන් ඉලක්ක කර ගනිමින් අඳාළ ප්‍රහාරය එල්ල වූ බවට පළාත් ප්‍රකාශකයෙක් මාධ්‍යට පවසා ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ එරට ආණ්ඩුකාරවරයාගේ ආරක්ෂක නිලධාරීන් පස් දෙනෙකු බවයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එරට ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කර ඇත්තේ ප්‍රහාරය පිටුපස සිටින අය නීතිය හමුවට පමුණුවා ගැනීමට ආරක්ෂක සහ හමුදා කටයුතු කරමින් සිටින බවයි.