අගමැති මහින්ද තරුණ තරුණියන්ගෙන් කළ ඉල්ලීම

By Gagana Nov 23, 2021 10:44 AM GMT
Gagana

Gagana

Report

නව ව්‍යාපාරික අදහස් ඇතැතිව රටේ ආර්ථිකය ගොඩනැගීමට එක්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරයි.

අද (23) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 2022 වර්ෂය සඳහා නව ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,"අපි මේ වෙලාවේ සාමුහිකව රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුයි. ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටුකරන්න මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා. 2022 වර්ෂය සඳහා නව ව්‍යාපාර ලියාපදිංචි කිරීම සඳහා ව්‍යවසායකයන්ගෙන් කිසිදු ලියාපදිංචි ගාස්තුවක් අපි අය කරන්නේ නෑ. අපේ රටේ තරුණ තරුණියන්ට ආරාධනා කරනවා නව ව්‍යාපාරික අදහස්වලින් රටේ ආර්ථික සංවර්ධනය ගොඩනගන්න එකතු වෙන්න කියලා. විදේශ විනිමය රටට ගෙන ඒමටත් දායක වෙන්න කියලා."  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now