ආරක්ෂක අංශ හමුවේ කන්‍යා සොහොයුරියක් දණින් වැටී කළ ඉල්ලීම

Myanmar
By Thaya Mar 11, 2021 09:36 PM GMT
Report

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව එරට වැසියන් මයිට්කයිනා ප්‍රදේශයේ දී සිදුකරන ලැබූ විරෝධතාවයක් අතරවාරයේදී Ann Rose Nu Tawng නම් කන්‍යා සොහොයුරිය විසින් සිදුකළ ආයාචනාවක් සම්බන්ධයෙන් ලොවපුරා මාධ්‍යයේ අවධානය යොමුවී තිබෙනවා.

මෙම කන්‍යා සොහොයුරිය විසින් පොලිස් නිලධාරින් ඉදිරියේ දනින් හිද ඉල්ලා සිටියේ විරෝධතා මැඩ පැවැත්වීමේදී කාන්තාවන් සහ ළමුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් නොදක්වන ලෙසයි.

එම කන්‍යා සොහොයුරිය දන හිසෙන් ඉදිමින් එම ඉල්ලීම සිදුකරන අවස්ථාවේදී මියන්මාර ආරක්ෂක අංශ නිලධාරියෙක් ද දනින් හිද ඇයට ගරු කරන අයුරු දක්නට ලැබුණා.3