සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහනයක්.

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka Businessman
By Hashini Nov 02, 2023 07:38 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකාවේ අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සහන සැලසීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව ඉදිරි අයවැයේදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා බැංකු ණය සහන ලබා දීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) නෙළුම් පොකුණ රඟහලේදී 2023 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයට එක වෙමිනි.

පෙර වසරේ ඇති වූ ආර්ථික අර්බුදයට රට පත් වීම වලක්වා ගැනීම තම වගකීම බවත් අභියෝග මධ්‍යයේ වුවද රට වෙනුවෙන් ගන්නා කාලීන තීරණ නිසි ලෙස ක්‍රියාත්මක කරන බවයි උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ.

ReeCha