තේ වගාකරුවන්ට සහනයක්.
තේ වගාව සඳහා අවශ්‍ය පොහොර, නිෂ්පාදන මිලටම ලබාදීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කර තිබෙනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගෙන් තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කළේ තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට ලබා දීමට පියවර ගෙන ඇති බවයි.
තේ, කුරුඳු, පොල් ඇතුළු වැවිලි බෝග වර්ග සඳහා රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබනවා.
එම පොහොර සම්බන්ධයෙන් අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා වන ආචාර්ය ජගත් පෙරේරා සමඟ සාකච්ඡා කර ඇත්තේ පොහොර සහන මිලකට තේ කර්මාන්තකරුවන්ට ලබාදීම සම්බන්ධවයි.
එහිදී තීරණය ගෙන ඇත්තේ තේ වගාව සඳහා අවශ්‍ය කෙරෙන පොහොර, ඒවායේ නිෂ්පාදන මිලටම තේ කර්මාන්තකරුවන් වෙත ලබා දීමටයි.
