තද සුළං සහ රළු මුහුද පිළිබඳව රතු නිවේදන

Report

තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද (13) පෙ.ව. 09.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (14) පෙ.ව. 09.00 වන තෙක් වලංගු වන බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන ලෙසය.

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රදේශවල අය පරිස්සමෙන්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රදේශවල අය පරිස්සමෙන්

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 55- 65 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.

එමෙන්ම ගාල්ල සිට කොළඹ හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 පමණ දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු සිට රළු දක්වා විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 - 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.

මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.   

ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ගිනි ගනී

ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ගිනි ගනී