විදේශ රැකියා ඉතිහාසයේ වාර්තාගත ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට
By Mithu
ශ්‍රී ලංකාවේ වසර 40කට ආසන්න විදේශ රැකියා ඉතිහාසය තුළ එක් වසරකදී ලැබුණු වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය 2025 වසරේදී වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
කාර්යාංශය නිකුත් කළ නිවේදනයට අනුව, 2025 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ විදේශගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති මුළු ප්‍රේෂණ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8,076ක්, එනම් ඩොලර් බිලියන 8.07ක් වේ.
මෙම ප්‍රමාණය 2024 වසරේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 6,578 සමඟ සැසඳීමේදී සියයට 22.8ක සුවිශේෂී වර්ධනයක් ලෙස දැක්වෙන බවද කාර්යාංශය පෙන්වා දෙයි.
ඊට අමතරව, මාසික වශයෙන් ලැබුණු වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණයද 2025 වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා වී ඇති අතර, එම මාසයේදී ලැබුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 879.1ක් බව නිවේදනයේ සඳහන් වේ.