ජනපති අතට පත්වූ සුවිශේෂී වාර්තාව..
Anura Kumara Dissanayaka
Businessman
Latest Headlines
AKD
By Sewvandhi
සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ.
එම ලේඛනය ජනාධිපතිවරයා වෙත බාරදී ඇත්තේ වෙළද අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසයි වාර්තාවන්නේ.
ඉකුත් සති කිහිපයේ මෙරට වෙළෙඳපෙළේ සහල් මිල ගණන් ඉහළ ගිය අතර සහල් හිඟයක්ද නිර්මාණය විය.
මතුවූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනපතිවරයා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ අතර සිල්ලර වෙළෙඳපොළේ පැවති සහල් පාලන මිල එලෙසම පවත්වාගෙන යාමටයි එහිදී තීරණය කෙරුණේ.
මෙවන් පසුබිමක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත සහල් තොග පිළිබඳ විශේෂ සංගණනයක් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබුණි.