“සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකියි” ..?

covid19 lock down sudarshani fernandopulle delta variety anandha wijewickrama
By Sewvandhi Jul 31, 2021 05:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොවිඩ් මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

මේ වනවිට රට පවතිනුයේ එම තීරණය ගත් තැන නොවන බවත්, පසුගිය සතියේදී රෝගීන් ප්‍රමාණය යළිත් වැඩිවී තිබෙන බවයි රාජ්‍ය ඇමතිවරිය පැවසුවේ. පවතින අවදානම් තත්වය යටතේ කල්පනාකාරීව තීරණ ගැනීමට සිදුවන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර රෝගීන්ගේ වැඩිවීමට හේතුව ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය පැතිරීම බව බොහෝ දුරට විශ්වාස කළ හැකි බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.

ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක් දක්නට ඇති බවත්, විශේෂයෙන් බස්නාහිර පළාතේ රෝහල්වල මේ තත්වය කැපී පෙනන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

රෝගීන්ගේ ප්‍රමාණය තවමත් දෙදහසේ සීමාවේ යැයි පවසමින් සතුටුවීම තරම් බරපතළ වරද්දක් තවත් නැතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිමින් කටයුතු නොකළහොත් රෝගීන්ගේ ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවද පැවසුවා.

එසේ වුවහොත් පසුගිය මැයි මාසයේ තිබූ තැනට රට යළි ගමන් කළ හැකි බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now