හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අත්අඩංගුවට..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Oct 29, 2023 06:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළවයි.

වැල්ලවත්ත, මුහුද ආසන්න මාර්ගයේ දී ඊයේ (28) රාත්‍රීයේ එම අනතුර සිදුව තිබුණි. එහිදී රවී සෙනෙවිරත්න මහතා ධාවනය කළ මෝටර් රථය, බස් රථයක සහ මෝටර් රථයක ගැටී ඇති බව පොලීසිය පැවසීය.

අද (29) සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ReeCha