විගණකාධිපති තනතුරට පත් කරන්න හදන්නේ ආණ්ඩුවට පක්ෂ කෙනෙක් රංජිත් කියයි
රජයේ දූෂණ වංචා අක්‍රමිකතා පෙන්වා දෙන්න ඕනෙ විගණකාධිපති දෙපාර්තුමේන්තුව බවත් මේ රටේ දිගින් දිගටම විගණකාධිපතිවරයා ලෙස පත් කළේ මේ සම්බන්ධව අත්දැකීම් තියෙන ජේෂ්ඨ නිලධාරීවරයෙක් වන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සදහන් කර තිබේ .
සමගි ජනබලවේග මාධ්‍ය හමුවට එක්වෙමින් එතුමා මේ සම්බන්ධව අදහස් දක්වා තිබේ.
තව දුරටත් එතුමා මේ සම්බන්ධව පළකලේ මෙවන් අදහසක්
''මේ රජය දිගින් දිගටම උත්සාහ කළා දක්ෂ ජේෂ්ඨ නිළධාරීන් ඉද්දී විගණකාධිපති දෙපාර්තුමේන්තුවට රජයට සම්බන්ධ ජනාධිපතිවරයත් එක්ක හිටපු මිත්‍රයෝ වෙන තැන් වලින් ගෙනත් පත් කරන්න. මේ සම්බන්ධව ව්‍යවස්ථාදායක සභාව දිගින් දිගටම විරුද්ධ වුණා රජයේ දූෂණ වංචා වලට විරුද්ධ වෙනවට තමයි ආණ්ඩුවට ඕන කෙනෙක් දාන්න යන්නේ . දිගින් දිගටම මේ පිළිබද විපක්ෂ නායකවරයා අපි කිව්වා . නමුත් අන්තිමට සිද්ධ වුණේ මහනා හිමිවරුන්ට එම දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිළධාරියා පත් කරන්න කියලා දන්වන්න . මම දැක්කා ඊයේ මාධ්‍ය හමුවෙදී ආණ්ඩුවට පක්ෂ ජනමාධ්‍යවේදියෙක් දම්මල අහනවා මහනායකහිමිවරුන්ට විගණකාධිපති සම්බන්ධව දැනුම තියනවද කියලා . ආණ්ඩුව තව තවත් බලනවා ඔහුව පත් කරන එක වළක්වන්න. අපි බලාගන ඉන්නවා ආණ්ඩුව ආණ්ඩුවට හිතවත් කෙනෙක් පත් කරනවද නැත්නම් මහනායක හිමිවරු කියන දේ අහලා ගැළපෙන කෙනෙක් පත් කරනවද කියලා. ''