ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO)

Ranil Wickremesinghe Sri Lanka Politician President of Sri lanka Presidential Update Latest Headlines
By krishani Jan 01, 2024 12:12 AM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 නව වසරට සුබ පතමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරයි.. (PHOTO) | Ranil Wicramasinghe Announsment

එහි සඳහන් වන්නේ,

උපුටා ගැනීම

"2024 නව වසරට අප පිය නගන්නේ ශ්‍රී ලංකාව යළි නගා සිටු වීමේ අභියෝගය හා අපේක්ෂාව හදැතිව ය.

දහසකුත් එකක් පුද්ගලික අපේක්ෂාවන් අප සැම තුළ තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපගේ මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය ය.

පසුගිය වසර පුරා ඔබ කළ කැපවීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට අපට හැකි විණි.

නමුත් ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මේ මගෙහිම තවත් ඉදිරියට යා යුතු වෙයි. එය මල් ඇතිරූ සුමුදු මඟක් නොවේ. අභියෝගාත්මක දුෂ්කර ගමනකි.

මෙහිදී සියළු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙයි. රට යළි ගොඩ නැංවීම වෙනුවෙන් ඉටු කළ යුතු ඒ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම අප සතු කාර්යයකි.

ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියෙකුගේ නමිනි. ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් වී ලූ.

එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා අපි එකිනෙකාගේ වගකීම හඳුනා ගනිමු.රට වෙනුවෙන් එම වගකීම ඉටු කොට අපේ මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට මේ නව වසරේ අදිටන් කර ගනිමු.

වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කරමු. එමගින් නව වසර සෞභාග්‍යවත් කර ගනිමු." යනුවෙන් ය.

උපුටා ගැනීම අවසන්.

නව වසරේ ජනතාවට සතුටුදායක සුබ ආරංචියක් මෙන්න - රජය කරන්න යන මේ දේ ගැන දන්නව ද?.

නව වසරේ ජනතාවට සතුටුදායක සුබ ආරංචියක් මෙන්න - රජය කරන්න යන මේ දේ ගැන දන්නව ද?.


Gallery
ReeCha