වග උත්තරකරුවකු කරමින් හිටපු ජනාධිපති රනිල් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අද ගත් තීන්දුව මෙන්න.

Ranil Wickremesinghe Supreme Court of Sri Lanka
By Wayomi Oct 22, 2024 10:20 AM GMT
Wayomi

Wayomi

Report

2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය විසින් පහර දී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබා දී තිබෙනවා.

ඒ, සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කරනු ලැබුවා.