ජනපති විශේෂ පණිවුඩයක් නිකුත් කරයි..
පාස්කු දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අභියෝගය හමුවේ රටක් ලෙස අප සියලුදෙනා මහත් පීඩාවකට පත් වුව ද දරාගත හැකි ජාතියක් ලෙස ඒ උත්ථානයේ ගමනේ ආශිර්වාදයත් සමගින් අප නැවත නැගී සිටිය යුතු බවයි.
බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත්වන අප, අද රට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම වෙනුවෙන් එකමුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලාංකිකයන් ලෙස අපගේ එකමුතුකම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැලලක් ඇතිකරන කිසිදු ආකාරයේ කුමන්ත්‍රණයකට හසු නොවී බුද්ධිමත්ව රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකම බවයි.