රනිල් වික්‍රමසිංහ නැවතත් පාර්ලිමේන්තුවට ?

parliament parliament member Ranil Wickramsinghe leader of party
By Sewvandhi May 31, 2021 12:21 PM GMT
Report

පසුගිය වසරේ අගෝස්තු පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් මට්ටමෙන් කිසිදු ආසනයක් ලබා ගැනීමට නොහැකි වූ අතර එම පක්ෂයට හිමි වුණේ එකම එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණයි.

එලෙස එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් තිබුණු එක්සත් ජාතික පක්ෂය මැතිවරණය අවසන්ව මාස දහයකට අසාන්න කාලයක් මේ වන විට ගතව ඇතත් එම පුරප්පාඩු මන්ත්‍රීධුරය සම්පූර්ණ කිරීමට කටයුතු කර නැහැ .

නමුත් පසුගිය කාලේ පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ද විවිධ අවස්ථාවල කියා සිටියේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු අසුන වෙත යා යුතු බවයි. කෙසේ වෙතත් අද (31එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමට නියමිතයි.

එහිදී මෙම මන්ත්‍රීධුර පුරප්පාඩුව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. අප ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කළේ දැනටමත් එම පක්ෂයේ මන්ත්‍රීධූර සඳහා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු අසුනට එවීම සඳහා ඒකමතිකව තීරණය කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සැම දෙනාගේම තීරණය මත කිසිදු කෙනෙක් එම මන්ත්‍රී ධූරය භාර නොගන්නා අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ එම තනතුරට සුදුසු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now