රැකියා අවස්ථා රාශියක් ඇති කිරීම ගැන ජනපති ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා ආයෝජන මණ්ඩලය යටතේ පවතින සමාගම් සිදු කළ සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනමන බව ආයෝජන මණ්ඩල සම්මාන උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.
මෙහිදී ජනාධිපතිවරයා, විශේෂ ආර්ථික කලාප (SEZs) පිහිටුවීම සඳහා දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව පුරෝගාමී වූ බව ද සිහිපත් කළේ ය.
වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, කටුනායක සහ බියගම වැනි ආයෝජන කලාප ප්‍රධාන ආයෝජකයින් ආකර්ශනය කර ගැනීම, කාර්මික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ රැකියා අවස්ථා රාශියක් ඇති කිරීම යන අංශයන්හි සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බවයි.