ජනපතිගෙන් විශේෂ නියෝගයක්..!

Ranil Wickremesinghe Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Jul 14, 2023 08:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද(14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැතිවිණි.

එහිදී එතුමා ප්‍රකාශ කර ඇත්තේ ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බවය.

එමෙන්ම දැනට පවතින ඖෂධ වර්ග සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙසද ඔහු නිලධාරීන්ට දැනුම්දී තිබේ.

මේ අතර දැනට රෝහල්වල ඇති ඖෂධ වර්ගවල තොග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිවල තොරතුරු යාවත්කාලීන කෙරෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

මේ අතර එමගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

ReeCha