රනිල්ගේ යෝජනාවට පවිත්‍රා හා කියයි

parliament prime minister health ministry ranil wickramasinghe pavithra vanniarachchi
By Sewvandhi Aug 03, 2021 06:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මේ වනවිට රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ ව සෑම පාර්ලිමේන්තු සතියක ම අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගෙන් අද (03) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළා.

එම ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යවරියගේ එකඟතාව පළ වී තිබෙනවා.

මෙම ක්‍රමය දැනට එක්සත් රාජධානි පාර්ලිමේන්තුව තුළ ද ක්‍රියාත්මක බව පෙන්වා දුන් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එය ක්‍රියාත්මක කිරීම තුළින් වඩාත් නිවැරදි තොරතුරු සමාජගත කළ හැකි බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන ද මෙම යෝජනාවට එකඟතාව පළ කර තිබෙනවා.

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha